Skip to main content

තෝමස් අල්වා එඩිසන්

තෝමස් අල්වා එඩිසන්.....

 
    තෝමස් අල්වා එඩිසන් මෙලොව එළිය දුටුවේ, 1847 පෙබරවාරි 11 වන දින, ඇමරිකාවේ මිලාන් නම් ග්රාමයේදීය. ඔහුට වයස අවුරුදු 10ක් වෙත්ම සිය නිවසේ පහළ තට්ටුවේ, තම විද්යාගාරය සකස් කර ගත්තේය. 1860 දී හෙතෙම ඇමරිකාවේත් කැනඩාවේත් විදුලි පණිවිඩ කාර්යාලයේ කටයුතු කළේය.1876 දී ඔහු විසින් නිෂ්පාදිත විදුලි පණිවිඩ මුද්රණ යන්ත්රය විකිණීය. ඉන් ලද මුදලින් නිව්යෝර්ක්හි මෙනෙයේ පාර්ක්හි, තමාගේම විද්යාගාරයක් පිහිටුවා ගත්තේය. එහිදී ඔහු කාබන් රෙසිස්ටන් ට්රාන්ස්මීටරය සහ ශබ්ද මුද්රා යන්ත්රය (ග්රැමපෝනය) නිපදවීය. මෙය මිනිස් කටහඩ මුද්රාගත කොට නැවත ශබ්ද නගා පිටකළ හැකි ලොව ප්රථම යන්ත්රය විය.
 
1879 දී ඔහු විසින් තවත් විශිෂ්ඨ තම නිර්මාණයක් කළේය. ඒ අද අප කවුරුත් ප්රයෝජනයට ගන්නා විදුලි බල්බයයි. 1880දී ඔහු විසින් විදුලි බල්බ 100ක් දල්වා මොක්ලෝ උද්යානය ප්රථමවරට ආලෝකමත් කරන ලදී. ඔහුගේ සොයාගැනීම් වල මෙය ඉතා සුළු එකක් විය. විදුලි බල්බයෙන් ඒකාලෝක කරන ලද ලොව ප්රථම නගරය වූයේ නිව්යෝර්ක් නගරයයි.
 
ඒ අසිරිමත් දිනය සටහන් වන්නේ 1882 සැප්තැම්බර් 4 වන දින ලෙසටය. එදින රාත්රියේ කිලෝමීටර 75ක් දිග කේබල් දමා ප්රදේශයේ නිවාස 1000කට අධික ප්රමාණයකට ප්රථම වරට විදුලිය සපයන ලදී. 1887 දී ඔහු නවතම විද්යා රසායනාගාරයක් බටහිර ඔරේන්ජ් ප්රාන්තයෙහි තනන ලදී. මෙම විද්යාගාරයේදී ඔහු කිනෙටොග්රාෆ් නමින් ප්රථම වරට නිශ්චල ඡායාරූප සදහා සිනමා කැමරාවක් නිපදවන ලදී. මෙම කැමරාවට ඊස්ට්මන් සේයා පටල යොදා ගන්නා ලදී. ඒවා පිරිසිදු කළ පසු සෙනඟ පුදුමයෙන් එය නැරඹීමට පැමිණියහ. මිනිසුන් විසින් එඩ්සන්ව සලකනු ලැබූයේ තාක්ෂණ විද්යාවේ විජ්ජාකාරයා වශයෙනි.
 
1889 දී පැරීසියේදී ඉතා විශාල ජාත්යන්තර ප්රදර්ශණයක් පවත්වන ලදී. එහිදී වැදගත් සිදුවීම වූයේ ඉතා විශාල ප්රමාණයක නව විද්යාත්මක සොයාගැනීම් සමූහයක් ප්රදර්ශනය වීමත්, ඒවාද එකම මිනිසෙකුගේ සොයාගැනීම් වීමත්ය. මේ මහා විශ්මකර්මයා වන තෝමස් අල්වා එඩිසන් පැරීසියේදී ඉතා හරසරින් පිළිගැනුණි.
ඔහුගේ සොයාගැනීම් සහ අයිතිවාසිකම් ප්රකාශ කරන නිෂ්පාදන 100කට අධික නව නිපැයුම් සංඛ්යාවකට ඔහු “පේටන්ට්” බලපත්ර අයිතිය ලබා තිබුණි. මෙතරම් හපන්කමක් කරන්නට ඔහුගේ කුඩාකල සිටම තිබූ අධිෂ්ඨානය බලපෑවා විය හැක. මන්ද, ඔහුට එදා අවශ්ය සියලුම දේ ලබා දීමට තම මෑණියන් කටයුතු කළාය. ඇය ගුරු වෘත්තියේ යෙදී සිටියාය. කුඩා කාලයේ තම පරියේෂණයන් සදහා තමාම මුදල් සොයා ගත යුතුයැයි ඔහුගේ බලාපොරොත්තුව විය. ඒ අනුව ග්රෑන්ඩ් ට්රන්ක් දුම්රිය මාර්ගයේ පෝට් පියුරෝස් සහ ඩිට්රොයිට් අතර දිවෙන දුම්රියේ මගීන්ට පුවත්පත් සහ පැණිරස කෑම විකිණීය. 1861දී ඇමරිකාවේ ඇතිවූ සිවිල් යුද්ධය පිළිබඳව කවුරුත් දැනගැනීමට ආශාවෙන් සිටි නිසා, ඔහු තමා විසින්ම පුවත්පතක් මුද්රණය කරන්නට සිතා ඩොලර් 12කට පැරණි මුද්රණ අත් යන්ත්රයක් මිලදී ගනී. ඔහු ණයට ගත් කඩදාසි යොදා දුම්රියේම සිය මුද්රණාලය පිහිටුවා පුවත්පත් මුද්රණය කළේය.
 
ඔහු විසින් එයට ග්රෑන්ඩ් ට්රන්ක්ස් හෙරල්ඩ් යන නම තැබීය. දුම්රියක් තුළ මුද්රණය කළ ප්රථම පුවත්පත එය විය. දුම්රිය තුළ කුඩා විද්යාගාරයක්ද තනා ගත් ඔහු තමාගේ විවේකයේදී විවිධ පරියේෂණ කරමින් ඒවායේ සටහන් තැබීය.
 
පුවත්පත් විකිණීමට ගොස් ඇතිවූ අනතුරකින් ඔහුගේ එක් කනක් බිහිරි විය. එපමණක් නොව දුම්රිය තුළ තිබූ තම පරියේෂණාගාරයද ගිණිගත් හෙයින් කෝපවූ නිලධාරීන් දුම්රියේ සිට වෙළදාම් නොකරන මෙන් නියෝග කළේය. රසායනාගාරයේ බඩුද එළියට විසිකර දැමීය. මෙසේ බාධක මැදින් නිපදවූ ටෙලිග්රාෆ් යන්ත්රය එවකට කොටස් වෙළදපොළේ ප්රධානියාට ඩොලර් 3000කට, විකිණීමට උත්සහ කළ විට එහි අගය තේරුම් ගත් ප්රධානියා ඒ සදහා ඩොලර් 40000ක් ලබා දුන්නේය. එඩ්සන්ගේ යහපත් කාලය උදාවුනේ එතැන් පටන්ය. කෙසේවෙතත් ඔහු තම ජීවිත කාලයම විද්යා පරියේෂණයන්හි නිරත විය. ඔහුගේ ශ්රේෂ්ඨ සොයාගැනීම් තිබුණද ඔහු ඉතා මැදිහත්ව සිතන නිරහංකාර පුද්ගලයෙකු විය. ඔහු නිතර කියා සිටියේ මගේ මෙම ඥාන ශක්තිය දිව්ය උරුමයක් ලෙස 1% ඉතිරි වුවද ඉතිරි 99% ම තමාගේ දහඩිය මහන්සිය බවයි. මේ ශ්රේෂ්ඨ පුරුෂයා 1931 ඔක්තෝබර් 31වන දින අවසන් හුස්ම හෙළීය. ඔහුට ගරු කිරීමක් වශයෙන් 1960දී ඇමරිකාවේ ශ්රේෂ්ඨ පුද්ගලයන්ගේ ග්රන්ථයට තෝමස් අල්වා එඩිසන්ගේ නාමයද එකතු කරන ලදී.
 
 

 


Comments

Popular posts from this blog

Video Balloon

  Video Balloon   Video Balloon ගැන අහල තිබුන නිසා මේ ලිපිය දාන්න හිතුන. Audio හෝ Video Connection සම්බන්දව කතා කිරීමේදී ඉතාම වැදගත් මාතෘකාවක් තමා Impedance කියන්නෙ.මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. මම කෙටියෙන් කියන්නම් වැඩි විස්තර internet එකෙන් බලන්න.   සරලව ගත්තොත් Impedance කියන්නෙ Audio හෝ Video Connect කරන අවස්තාවල ඒකාකාරීව පවත්වා ගත යුතු Resistance (ප් ‍ රතිරෝදයක්) . මේක මනින්නෙත් ඕම්ස් (Ohms) වලින්මයි. Impedance ඒකාකාරීව පවත්වා ගත්තොත් Audio හෝ Video වල උපරිම Quality එක ගන්න පුලුවන්. හරි, අපි බලමු Impedance එක CCTV වලට අදාල වෙන්නෙ කොහොමද කියල. CCTV Camera වල Video Out එකේ Impedance එක ඕම්ස් 75 (75 Ohms) වෙනව. DVR එකේ Video Input එකත් ඕම්ස් 75 (75 Ohms) වෙනව. 3C2V cable එකත් ඕම්ස් 75 (75 Ohms) කියල මතක් වෙනව නම් වැඩේ තේරෙන්න ඇති.ඒ කියන්නෙ Camera,DVR,Cable යන තුනම Impedance එක ඕම්ස් 75.මේකේ Result එක තමා Quality Picture එකක් ලබා ගන්න පුලුවන් වීම.   හරි, දැන් අපි බලමු CAT5/CAT6 Cable ගැන. CAT5/CAT6 Cable Pair එකක Impedance එක ඕම්ස් 100 හැටියට තමා...