Video Balloon
Video Balloon ගැන අහල තිබුන නිසා මේ ලිපිය දාන්න හිතුන.
Audio හෝ Video Connection සම්බන්දව කතා කිරීමේදී ඉතාම වැදගත් මාතෘකාවක් තමා Impedance කියන්නෙ.මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. මම කෙටියෙන් කියන්නම් වැඩි විස්තර internet එකෙන් බලන්න.
සරලව ගත්තොත් Impedance කියන්නෙ Audio හෝ Video Connect කරන අවස්තාවල ඒකාකාරීව පවත්වා ගත යුතු Resistance (ප්රතිරෝදයක්) . මේක මනින්නෙත් ඕම්ස් (Ohms) වලින්මයි. Impedance ඒකාකාරීව පවත්වා ගත්තොත් Audio හෝ Video වල උපරිම Quality එක ගන්න පුලුවන්.
හරි, අපි බලමු Impedance එක CCTV වලට අදාල වෙන්නෙ කොහොමද කියල. CCTV Camera වල Video Out එකේ Impedance එක ඕම්ස් 75 (75 Ohms) වෙනව. DVR එකේ Video Input එකත් ඕම්ස් 75 (75 Ohms) වෙනව. 3C2V cable එකත් ඕම්ස් 75 (75 Ohms) කියල මතක් වෙනව නම් වැඩේ තේරෙන්න ඇති.ඒ කියන්නෙ Camera,DVR,Cable යන තුනම Impedance එක ඕම්ස් 75.මේකේ Result එක තමා Quality Picture එකක් ලබා ගන්න පුලුවන් වීම.
හරි, දැන් අපි බලමු CAT5/CAT6 Cable ගැන. CAT5/CAT6 Cable Pair එකක Impedance එක ඕම්ස් 100 හැටියට තමා සලකන්නෙ. ඔන්න දැන ප්රශ්නයක් එනව, Camera,DVR දෙකම Impedance එක ඕම්ස් 75 යි Cable Impedance එක ඕම්ස් 100. Impedance එක සමාන නැහැ. මේ වැඩේ කරල දෙන්න තමයි “Video Balloon” පාවිච්චි කරන්නෙ. Video Balloon එකෙන් කරන්නෙ Impedance (Match) කිරීමක්. සමාන කිරීමක්. දැන් එතකොට නැවතත් Impedance සමානයි, Quality Picture එකක් ගන්න පුලුවන්.
3C2V cable එකකට දෙපැත්තට BNC දෙකක් Connect කරල ගත්තාම ඒක Independent Cable එකක්. (නිදහස් Cable එකක්) CAT5/CAT6 cable එකකට දෙපැත්තට Video Balloon දෙකක් Connect කරල ගත්තාම ඒක Independent Cable එකක් වෙන්නෙ නැහැ. Video Balloon වල Quality එක මත වෙනස් වෙනවා. මම හිතන්නෙ පැහැදිලි ඇති.
උපුටා ගැනීමකි...
Vocational Training Institute
Comments
Post a Comment